කොරෝනා වෛරසය: කොවිඩ්-19 ඔබ ඇතුළු පවුලේ සාමාජිකයන් ආරක්ෂා වන්නේ කෙසේද? ඒ සඳහා ගත යුතු පියවර සහ උපදෙස්
කොරෝනාවෛරසය හේතුවෙන් අප ජීවන රටාවේ මෙන්ම අපගේ සබඳතාවල ද සැලකිය යුතු වෙනස්කම් සිදු වෙමින් පවතී.
මෙම වසංගතයේ දී අප සහ අන් අයගේ සෞඛ්‍යය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් විශාල උපදෙස් ප්‍රමාණයක් ද ලැබෙන තත්ත්වයක් දක්නට ලැබේ.
ඔබට උදව්වක් විය හැකි උපදෙස් කිහිපයක් පහතින් දැක්වේ.
මා ආරක්ෂා විය යුත්තේ කෙසේද?
සබන් යොදා නිතර අත් සේදීම නිර්දේශ කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, කොරෝනාවෛරසයට එරෙහි වැදගත් ම හා මූලික ආරක්ෂක පියවර වන්නේ සනීපාරක්ෂාව ය.
- නිතර ම සබන් සහ ජලයෙන් හෝ මද්‍යසාර අඩංගු දියරයකින් අත් සේදීම කළ යුතුය. මෙමගින් ඔබේ දෑත්වල රැදී ඇති වෛරස් විනාශ කරයි.
- ඔබේ දෑස්, නාසය සහ මුඛය ස්පර්ශ කිරීමෙන් වළකින්න. දෑත්වලින් බොහෝ පෘෂ්ඨ ස්පර්ශ කරන අතර ඒවායේ වෛරස් රැඳී තිබිය හැකිය. එතැන් සිට, ඔබ ශරීරය ස්පර්ශ කළහොත් වෛරසය ඔබේ ශරීරයට ඇතුළු විය හැකිය.
කොරෝනා වෛරසය: කොවිඩ්-19 ඔබ ඇතුළු පවුලේ සාමාජිකයන් ආරක්ෂා වන්නේ කෙසේද? ඒ සඳහා ගත යුතු පියවර සහ උපදෙස්
Reviewed by Dharmaloka vidyalaya
on
August 21, 2020
Rating:
No comments
Post a Comment