චීනයේ 'ලෙෂන්' යෝධ බුදුරුව දශක හතකට පසු පළමු වරට ගං දියෙන් තෙත් වෙයි

 Giant Buddha carved from rock with floodwater around its base (18 Aug)

චීනයේ පිහිටි යෝධ බුදු රුවේ පා යුගල දශක හතකට පසු පළමු වරට පිටාර ගං දියෙන් තෙත් වී තිබේ.

සිචුආන් පළාතේ චෙන්ග්ඩු ප්‍රදේශය ආසන්නයේ පිහිටි යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති 'ලෙෂන්' බුදු පිළිමයේ උස මීටර 71 කි.

ශෛලමය බුදු පිළිමය ක්‍රිස්තු වර්ෂ 8 වන සියවසේදී පමණ නිමවන ලද්දකි.

පිළිමය දිය පහරට ඉහළින් පිහිටා ඇතත් එම ප්‍රදේශය1940 ගණන්වලින් පසු හටගත් දරුණුතම ගංවතුර තත්ත්වයට මුහුණ දී තිබේ.

ඒ හේතුවෙන් 100,000 ට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යනු ලැබිණි.

චීනයේ 'ලෙෂන්' යෝධ බුදුරුව දශක හතකට පසු පළමු වරට ගං දියෙන් තෙත් වෙයි චීනයේ 'ලෙෂන්' යෝධ බුදුරුව දශක හතකට පසු පළමු වරට ගං දියෙන් තෙත් වෙයි Reviewed by Dharmaloka vidyalaya on August 21, 2020 Rating: 5

No comments